ශ්‍රී ලංකාව තුළ විසිර සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද 80 වන බඳවා ගැනීවේ විශ්‍රාමික ගරු සාමාජිකයින්, වසර 12 ක මූලික සේවා කාලය අවසන් කළ හා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ ගරු සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු හා අනෝන්‍ය සුහදතාවය වර්ධනය උදෙසා කටයුතු කිරීම.
අප සමිතියේ සියලු සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, අනාගතයේදී සමිතිය තුළින් ඔවුන් වෙත වැඩි ප්‍රතිලාභයක් අත්කර දෙමින්, දිවයිනම ආවරණය වන අයුරින් ශක්තිමත් විශ්‍රාමික සංසදයක් බවට පත් කරලීම සහ සාමාජික භවතුන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේ අවමංගල්‍ය හා සාමාජිකයා හෝ දරුවෙකු හදිසි අනතුරු සහ දරුණු රෝගාබාධයකට පත්වූ විට මුදලින් ආධාර කිරීම හා ඔවුන්ට ශක්තියක් වීම, ආගමික, සාමාජයීය, සංස්කෘතික හා රටෙහි පොදු කටයුතු සඳහා දායකත්වයක් දැක්වීම.